
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුව හේතුවෙන් ප්‍රකට බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් දැඩි නෛතික අර්බුදයකට මුහුණ දී සිටී.
මෙම වංචාව කරළියට ආ දා සිට ජැකලින් දිගින් දිගටම කියාසිටියේ තමන් සුකේෂ්ගේ රැවටීමට අසු වූ වින්දිතයකු මිස මෙම මූල්‍ය වංචාවට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
කෙසේවෙතත්, නඩුවේ නවතම තත්ත්වය අනුව, සුකේෂ්ගේ සාපරාධී පසුබිම පිළිබඳව දැන දැනම ජැකලින් ඔහුගෙන් වටිනා තෑගි බෝග ලබාගෙන ඇති බවට මූලික වශයෙන් පැහැදිලි සාක්ෂි පවතින බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
දිල්ලි පැටියාලා හවුස් අධිකරණයේ අතිරේක මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත් ශර්මා නියෝග කර ඇත්තේ, මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එරෙහිව විධිමත් ලෙස අධිචෝදනා ගොනුකරන ලෙසයි.
ජැකලින්ගේ භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, “ඇය අපරාධවලින් උපයාගත් මුදල් සඟවා තැබීම සඳහා සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ සබඳතා පවත්වා ඇති” බවයි.
අධිකරණයට අනුව, නඩුවේ අනෙකුත් විත්තිකාරියන් වන පින්කි ඉරානි සහ ලීපක්ෂි එල්ලාවඩි විසින් සුකේෂ්ගේ සාපරාධී වටපිටාව පිළිබඳව ජැකලින්ව දැනුවත් කර තිබියදීත්, ඇය සුකේෂ්ගෙන් රුපියල් කෝටි 5.71ක් වටිනා තෑගි බෝග ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී තිබේ.
මීට අමතරව, ඇයගේ සොහොයුරිය වන ජෙරල්ඩින් ජේ වෝකර්ගේ විදේශ බැංකු ගිණුමකට ඇමෙරිකානු ඩොලර් 172,000ක් (රුපියල් කෝටි 1.4කට වැඩි) සහ ඇයගේ සොහොයුරු වොරන් ජේ ප්‍රනාන්දුගේ ගිණුමට ඔස්ට්‍රේලියානු ඩොලර් 26,000ක් (රුපියල් ලක්ෂ 10කට වැඩි) බැර කර ඇති බවටද විමර්ශකයෝ චෝදනා කරති.
ඇයට එරෙහිව චෝදනා ගොනුකිරීමට ඇති පදනම පැහැදිලි කරමින් විනිසුරු ශර්මා ප්‍රකාශ කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වැනි වගන්තිය යටතේ ජැකලින් ෆර්නැන්ඩස් වරදක් කර ඇති බවට දැඩි සැකයක් මතුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි වාර්තාගත වී ඇති බවයි.
ජැකලින්ගේ දෙමාපියන් වෙනුවෙන් සුකේෂ් විසින් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇය ලබාදුන් ප්‍රකාශය පිළිබඳවද අධිකරණයේ අවධානය යොමුව තිබේ.
පින්කි ඉරානිගේ ජංගම දුරකථනයෙන් සොයාගත් සාක්ෂි ජැකලින් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, තම දෙමාපියන් වෙනුවෙන් එම මෝටර් රථ ලබාගත් බව ඇය පිළිගෙන තිබේ.
මෙයින් පැහැදිලි වන්නේ අපරාධවලින් උපයාගත් මුදල්වලින් එම වාහන මිලදී ගෙන ඇති බවත්, ඒවා සැඟවීමට ඇය සුකේෂ්ට සහාය වී ඇති බවත්ය.
තවද, සුකේෂ්ගේ සාපරාධී ක්‍රියාකලාපයන් පිළිබඳව ජැකලින් මනාව දැනුවත්ව සිටි බව අධිකරණය වැඩිදුරටත් නිරීක්ෂණය කර තිබේ.
ටී.ටී.වී දිනකරන් අල්ලස් නඩුව, කැනරා බැංකු වංචාව සහ ව්‍යාජ සමාගම් හරහා ආයෝජකයින් රැවටීමේ සිද්ධීන් ඇතුළු සුකේෂ් සම්බන්ධ නඩු රාශියක් පිළිබඳ විස්තර ඇතුළත් පුවත්පත් වාර්තාවක් ජැකලින් වෙත ලැබී තිබූ බව අධිකරණය පෙන්වාදී ඇත.
එසේ තිබියදීත්, ඇය දිගින් දිගටම සුඛෝපභෝගී තෑගි, තම සහෝදර සහෝදරියන්ගේ ගිණුම්වලට මුදල් ලබාගැනීම් සහ දෙමාපියන් වෙනුවෙන් මෝටර් රථ ලබාගැනීම් සිදු කර ඇති බව අධිකරණය නිගමනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart