
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විධායක මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා නීති රීති සංශෝධන, නව කාන්තා ක්‍රිකට් තරගාවලි හඳුන්වාදීම, පාලන ක්‍රියාවලීන් සහ ලොව පුරා ප්‍රාදේශීය විස්සයි20 (Franchise) ලීග් තරගාවලිවල වර්ධනය පිළිබඳව වැදගත් තීරණ රැසක් ගෙන තිබේ.
එහිදී අනුමත වූ ප්‍රධානතම සංශෝධනයක් වන්නේ, අඳුරු ආලෝකය හේතුවෙන් ටෙස්ට් තරගවලට සිදුවන බාධා අවම කරගැනීම සඳහා දෙපාර්ශවයේම එකඟතාවය මත ටෙස්ට් තරග සඳහා රෝස පැහැති පන්දු (Pink ball) භාවිත කිරීමට අත්හදා බැලීමේ පදනමක් මත අවසර දීමයි.
මීට අමතරව ක්‍රීඩාංගණ සඳහා නව ආලෝකකරණ තාක්ෂණයන් හඳුන්වාදීමට පර්යේෂණ පැවැත්වීමටත්, සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කිරීමේදී විනිසුරුවන්ට ‘හෝක්-අයි’ (Hawk-Eye) දත්ත භාවිත කිරීමටත් මෙහිදී අවසර හිමිව ඇත.
එමෙන්ම, තරග අතරතුර ලබාදෙන පානීය විවේකයන්හිදී (Drinks breaks) ප්‍රධාන පුහුණුකරුවන්ට හෝ කණ්ඩායමේ නම් කළ නියෝජිතයකුට ක්‍රීඩකයන් සමඟ උපදෙස් හුවමාරු කර ගැනීමට අවසර දීම, විස්සයි20 අන්තර්ජාතික තරගවලදී මිනිත්තු 15ක විවේක කාලයක් (Intervals) අනිවාර්ය කිරීම සහ තරගය නැවත ආරම්භ කරන විට පිතිකරුවන් සූදානමින් සිටිය යුතු වීම වැනි නව නීති කිහිපයක්ද අනුමත කර තිබේ.
ලෙග් සයිඩ් වයිඩ් (Leg-side wides) නීතිය ස්ථිර කිරීමටත්, 2026 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි MCC ක්‍රිකට් නීති පද්ධතියේ සෙසු සංශෝධන පිළිගැනීමටත් ICCය මෙහිදී පියවර ගෙන ඇත.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්කල, 2027 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා චැම්පියන්ස් ට්‍රොෆි තරගාවලිය ජූනි-ජූලි මාසවල සිට 2027 පෙබරවාරි 14 සිට 28 දක්වා කාලය වෙත කල්දමා තිබේ.
එමෙන්ම, පූර්ණ සාමාජික රටවල් 5ක සහ අනුබද්ධ සාමාජික රටවල් 5ක සහභාගීත්වයෙන් කණ්ඩායම් 10කින් සමන්විත “කාන්තා නැගී එන රටවල් අතර කුසලාන තරගාවලිය” (ICC Women’s Emerging Nations Trophy) 2026 වසරේදී ආරම්භ කිරීමටද අනුමැතිය හිමිව ඇත.
පාකිස්ථානය සත්කාරකත්වය දරන 2028 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ ක්රියාවලියද මෙහිදී ස්ථිර කර ඇති අතර, කණ්ඩායම් 12ක් තරග වදින එම තරගාවලියේදී ඉන්දියාව සහභාගී වන තරග මධ්‍යස්ථ රටකදී (Neutral venue) පැවැත්වීමට තීරණය කර ඇත.
තවද, පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලි සඳහා කණ්ඩායම් 16ක ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියක් (Global Qualifier) හඳුන්වාදීමටද සැලසුම් කර තිබේ.
පාලන කටයුතු යටතේ, සාමාජිකත්ව වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් ක්‍රිකට් කැනඩා (Cricket Canada) ආයතනයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ICC පියවර ගෙන ඇත.
කෙසේවෙතත්, එම තහනම ඉවත් කරගැනීම සඳහා කැනඩා ක්‍රිකට් ආයතනය කටයුතු කරන අතරතුර, ඔවුන්ගේ ජාතික කණ්ඩායම්වලට ICC තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි නොවේ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා සහ BCCI ලේකම් දේවාජිත් සයිකියා මෙරට වගකිවයුතු පාර්ශවයන් හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා විය.
ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින විවිධ විස්සයි20 ලීග් තරගාවලි (Franchise cricket) හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනයට එල්ල වන බලපෑම පිළිබඳව මණ්ඩලයේ දැඩි අවධානය යොමුව ඇති අතර, එම ලීග් තරගාවලි සහ අන්තර්ජාතික තරග එකිනෙකට බාධාවක් නොවන පරිදි සමතුලිතව පවත්වාගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමටද තීරණය වී ඇත.
මෙම තීරණ පිළිබඳව අදහස් දක්වමින් ICC සභාපති ජයි ශා (Jay Shah) ප්‍රකාශ කර ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩාවේ විනිවිදභාවය සුරැකීම, කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය, තරග රටාවන් වැඩිදියුණු කිරීම මෙන්ම ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණ ගත් බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart