
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින මෝසම් වැසි තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බැවින්, දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී රුධිර පරීක්ෂණ සිදුකර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන පවසයි.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් දහස් ගණනක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ සහ ගම්පහ ඇතුළත් බස්නාහිර පළාතටය.
වසර කිහිපයකට පසු චිකුන්ගුන්යා රෝගීන්ගේ ද වර්ධනයක් දැකිය හැකි බව වෛද්‍ය විජයවර්ධන අනතුරු අඟවයි.
“ඩෙංගු සහ විජයවර්ධන රෝග දෙකම ව්‍යාප්ත වන්නේ ඊඩිස් මදුරුවන් මඟින්. උණ, හිසරදය, ඇඟපත වේදනාව, හන්දිපත් රුදාව සහ සමේ පලු දැමීම වැනි සමාන රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී මතු වන නිසා රෝගය නිවැරදිව හඳුනාගැනීම අපහසුයි,” යැයි ඔහු පවසයි.
ඩෙංගු රෝගය, ‘ඩෙංගු ලේ ගැලීමේ උණ’ තත්ත්වය දක්වා වර්ධනය වුවහොත් එය ජීවිත අවදානමක් මතු කරන බවත්, නිසි ප්‍රතිකාර නොලැබුණහොත් ශරීර අභ්‍යන්තරයෙන් ලේ ගැලීම, කම්පන තත්ත්වයන් සහ මරණය පවා සිදුවිය හැකි බවත් හෙතෙම පෙන්වාදෙයි. විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේදී රෝගියා අධික ලෙස තෙහෙට්ටුවට පත්වීම, බඩේ කැක්කුම සහ අත් පා සීතල වීම වැනි ලක්ෂණ මතු වේ නම්, ඒවා කිසිසේත් නොසලකා හැරිය යුතු නැත.
එසේම, උණ වැළඳුණු මුල් දිනවලදී පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක ඖෂධ (NSAIDs) භාවිත නොකරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි.
එමඟින් ඩෙංගු රෝගීන්ගේ ලේ ගැලීමේ ප්‍රවණතාව ඉහළ යා හැක.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත්, මදුරු විකර්ෂක භාවිත කිරීමටත් ජනතාව උනන්දු විය යුතු අතර, රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජන සහාය අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart