
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසරේ ‘විශ්ව රූ රැජින ඉන්දුනීසියා’ තරගයේ අවසන් තරගකාරියන් හයදෙනකුගේ ශරීර පරීක්‍ෂා කිරීමට සහ උඩුකය නිරුවත් ඡායාරූප ගැනීමට සංවිධායකයන්ට අවශ්‍ය වීම හේතුවෙන් කලබැගෑනියක් ඇතිව තිබේ.
මෙම සිදුවීම පදනම් කරගනිමින් රූ රාජිනියන් සංවිධායකයන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක් වන මෙලිසා ඇන්ග්‍රේනි ජකර්තා අගනුවරදී ජනමාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, සංවිධායකයන්ට මෙම තරුණියන්ගේ උඩුකයේ කැළැල් සහ පච්ච පරික්ෂා කිරීමට අවශ්‍ය වූ බවයි.
එහෙත් තරඟකාරියන්ගේ “ශරීර පරීක්ෂාවන්” ඉසව්වේ කාලසටහනේ ලැයිස්තුගත කර නොතිබීම නිසා මෙම විරෝධය පැනනැගී ඇත.
කෙසේහෝ මෙහිදී තරගකාරියන් කිහිපදෙනකු උඩුකය නිරුවත්ව ඡායාරුප වලට පෙනී සිට ඇත.
මේ අතර එක් තරගකාරියක් චෝදනා කර ඇත්තේ, සිය කකුල් විවෘත කිරීම ඇතුළුව නුසුදුසු ලෙස පෙනී සිටින ලෙස ඇයගෙන් සංවිධායකයන් ඉල්ලා සිටි බවයි.
පිරිමින් 20දෙනකු පමණ සිටි කාමරයකදී තමන්ට මෙලෙස ශරීරය නිරාවරණය කරන ලෙස දැනුම්දුන් බව තරගකාරියන් අනාවරණය කර ඇත.
කෙසේවෙතත්, පොලිස් වාර්තාව සමඟ මෙම චෝදනාවලට අදාළ ලේඛන සහ වීඩියෝ වැනි අමතර සාක්ෂි ඉදිරිපත් කර ඇති බව නීතිඥ ඇන්ග්‍රේනි සඳහන් කර තිබේ.
ජකර්තා හි පැවැති අවසන් මහා තරඟයට දින දෙකකට පෙර, එනම් අගෝස්තු 01 වන දින මෙම කලබැගෑනිය ඇතිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart