
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන තුළ එක්වරක් පමණක් භාවිත කර ඉවතලන (Single-use) ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි රජය විසින් තහනම් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් මඟින් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය නතර කරන ලෙස සියලුම රාජ්‍ය ආයතන වෙත නියෝග කර ඇත.
එසේම, අදාළ රාජ්‍ය සංවිධාන තුළ එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ද මෙම චක්‍රලේඛය මඟින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
පාරිසරික වශයෙන් තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මඟින් පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට රජය ගන්නා උත්සාහයන්හි තවත් එක් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මෙම නව ප්‍රතිපත්තියට අනුකූලව මින් ඉදිරියට නැවත නැවතත් භාවිත කළ හැකි විකල්ප වෙත යොමුවීමට සියලුම රාජ්‍ය ආයතන කටයුතු කළ යුතුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart