May 26, 2026

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාකලාපය හමුවේ රටේ ණය බර ඉහළ යාම සහ එහි බලපෑම සාමාන්‍ය ජනජීවිතයට එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය එක ඒකකයකින් (රුපියලකින්) පහත වැටෙන සෑම අවස්ථාවකදීම, රටේ සමස්ත ණය බර ස්වයංක්‍රීයවම රුපියල් බිලියන 38 කින් ඉහළ යන බවයි.

ජනමාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා කියා සිටියේ, මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතිවන මෙම මූල්‍ය පීඩනය සෘජුවම පැටවෙන්නේ සාමාන්‍ය ජනතාවගේ කරපිටට බවයි.

එමෙන්ම රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා මූල්‍ය බලධාරීන් තමන් සතු වගකීම පැහැර හැර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.