
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දවස්වල අපේ රටේ සංචාරය කරන ඉන්දීය ට්‍රැවල් ව්ලොගර්ස්ලා (Vloggers) දෙන්නෙක් නිසා ලෝකය පුරාම ඉන්න සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. එක්කෙනෙක් ලංකාව අහස උසට වර්ණනා කරලා තමන්ගේ රටට බනිද්දී, අනෙක් කෙනා ලංකාවේ වනාන්තරවල රහස් හොයන්න ගිහින් අමුතුම විදියේ තෑග්ගක් ලබාගෙන තියෙනවා.
“ලෝකේ තියෙන අපිරිසිදුම රට ඉන්දියාව, ලංකාව බලන්නකෝ!” – ශෙනාස් ට්‍රෙෂරි
ලංකාවේ සුන්දර ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳලා වීඩියෝවක් කරපු ඉන්දීය ව්ලොගර්වරියක් වන ශෙනාස් ට්‍රෙෂරි (Shenaz Treasury) කරපු ප්‍රකාශයක් නිසා ඉන්දියානුවන් සෑහෙන්න කුපිත වෙලා. “ලංකාවේ දුම්රිය ස්ථානවල තියෙන කුණු කූඩ දිහා බලන්නකෝ. මෙහේ සංචාරය කරන විදේශිකයන් සංඛ්‍යාව බලන්න. අපේ රට අපිරිසිදු නිසා ඉන්දියාවට එන්න ඉන්න සංචාරකයොත් අහිමි වෙනවා. ඇත්තම කිව්වොත් ලෝකේ තියෙන අපිරිසිදුම රට ඉන්දියාව” කියලා ඇය කියලා තියෙනවා. මේ ප්‍රකාශයත් එක්ක සමහරු ඇයව දැඩි ලෙස විවේචනය කරද්දී, තවත් පිරිසක් ඇය කියන කතාව ඇත්ත කියලා පිළිගෙන තියෙනවා.
ලංකාවේ කැලෑ හොයාගෙන ආපු ධෲව් රතී (Dhruv Rathee) සහ ‘රතී මකුළුවා’!
මේ අතර මිලියන 32කට වඩා අනුගාමිකයින් ඉන්න ඉන්දියාවේ සුප්‍රකට යූටියුබ් තරුවක් වන ධෲව් රතී (Dhruv Rathee) ලංකාවේ පරිසරවේදීන් කණ්ඩායමක් එක්ක එකතු වෙලා සිංහරාජය වැනි අපේ රටේ අවසන් නොඉඳුල් වැසි වනාන්තර ගැන අපූරු වීඩියෝවක් කරලා තියෙනවා. “ලංකාවේ අද්භූත වනාන්තරය තුළ සැඟවුණු හඳුනා නොගත් සත්ව විශේෂ 40ක්” (Inside Sri Lanka’s Mysterious Jungle That Hides 40 Unknown Species) නමින් ඔහු කරපු මේ වීඩියෝවට දැනටමත් මිලියන 7කට වඩා නරඹන්නන් ලැබිලා අවසන්.
හැබැයි මේ වනාන්තරවල ඉන්න දුර්ලභ සතුන් හොර රහසේ විදේශ රටවලට පටවන ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරන්න හිතලා ධෲව් තමන් ගිය තැන්වල නියමිත ස්ථාන (Locations) වීඩියෝවේ සඳහන් කරලා නැහැ. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට සහ පරිසරයට ඔහු කරපු මේ මෙහෙවර අගය කරන්න අපේ රටේ විද්‍යාඥයෝ අපූරු වැඩක් කරලා. ලංකාවෙන් අලුතින්ම හොයාගත්ත දුර්ලභ මකුළු විශේෂයකට ධෲව් රතීගේ නම එකතු කරලා ඒ මකුළුවාව ‘Pocelotheria Rathee’ (පොසිලෝතේරියා රතී) කියලා නම් කරලා තියෙනවා.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart