
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජංගම දුරකතනයක් ලබානොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් සිය 11 හැවිරිදි සෙහොයුරිය ඝාතනය කළ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි සත්‍යානන්දන් සදීෂා නැමැති 11 හැවිරිදි දැරියකි.
මෙම දරුවන්ගේ මව විදේශගතව සේවය කරන අතර, සිද්ධිය වූ දින (පසුගිය 28 වැනිදා) ඔවුන්ගේ පියා ද රැකියාව සඳහා පිට ප්‍රදේශයකට ගොස් තිබේ.
නිවසේ වැඩිහිටියන් නොමැති වූ එම අවස්ථාවේදී සැකකාර 14 හැවිරිදි සිසුවා සිය නැඟණියගෙන් ජංගම දුරකතනය ඉල්ලා ඇති අතර ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් අවසානයේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැකකාර සිසුවා කිසිවක් සිදු නොවූ පරිදි අසල්වැසි නිවසකට ගොස් කාලය ගත කර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.
රැකියාව නිමවා එදින නිවසට පැමිණි පියා දරුවන් සොයාබැලීමේදී, සිය දියණිය නානකාමරයේ ඇති ජල ටැංකිය තුළ සිහිසුන්ව වැටී සිටින අයුරු දැක තිබේ.
වහාම ක්‍රියාත්මක වූ ඔහු දැරියව රෝහල් ගත කිරීමට පියවර ගත්ත ද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.
“සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතී 14 හැවිරිදි සහෝදරයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළා. එහිදී තමන් විසින්ම සිය නැඟණිය ඝාතනය කළ බවට ඔහු පාපොච්චාරණය කළා,” යැයි පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒරාවුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart