
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 300කට ආසන්න පිරිසකට එරෙහිව ළමා අපයෝජන චෝදනා එල්ල වී ඇති අතර, ඉන් හිමිවරුන් 30කට ආසන්න පිරිසකට නඩු පැවරීමට පියවර ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරයි.
‘සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය’ (OCCRP) විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම තොරතුරු හෙළිකර තිබේ.
මෙම ආන්දෝලනාත්මක අනාවරණය සිදුවන්නේ, මෙරට ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨතම නායක හිමිනමක වන පල්ලේගම හේමරතන නාහිමියන් ළමා ලිංගික අපයෝජන චෝදනා මත මෑතකදී අත්අඩංගුවට පත්වීමත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකය.
අටමස්ථානාධිපති ධුරය දරන 71 හැවිරිදි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්, 15 හැවිරිදි දැරියක වසර කිහිපයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත පසුගිය මැයි 9 වැනිදා අත්අඩංගුවට පත්විය.
මේ වන විට උන්වහන්සේට එරෙහිව නිල වශයෙන් අධිචෝදනා ගොනුකර නොමැති අතර, පසුගිය සතියේ ඇප මත මුදාහැරිණි.
උන්වහන්සේගේ විත්ති පක්ෂයේ නීතිඥයකු වන මහේෂ් කොටුවැල්ල ප්‍රකාශ කළේ, හේමරතන හිමියන්ට එරෙහිව ‘ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ’ (Statutory Rape) චෝදනාව යටතේ දැනට විමර්ශන ක්‍රියාත්මක වන බවයි. “මගේ සේවාදායකයා තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා,” යැයි නීතිඥවරයා පවසා ඇත.
මහාසංඝරත්නය කෙරෙහි සමාජය තුළ පවතින දැඩි ගෞරවය සහ සංවේදීතාව හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම මෙරට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබේ.
ඇතැම් දේශීය ජනමාධ්‍ය ආයතන මෙම සිදුවීම වාර්තා කිරීමෙන් වැළකී සිටියද, අන්තර්ජාතික මාධ්‍ය අවධානය මේ සඳහා ඉහළින්ම යොමුව තිබිණි.
ළමා ආරක්ෂක අධිකාරිය පවසන පරිදි, 2023 මැයි 1 වැනිදා සිට 2026 මැයි 1 වැනිදා දක්වා වූ වසර තුනක කාලය තුළ විවිධ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 285 දෙනෙකුට එරෙහිව මහජනතාවගෙන් සහ ඇතැම් පාර්ශ්වයන්ගෙන් පැමිණිලි ලැබී ඇත.
ඉන් හිමිවරුන් 27 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගනිමින් චෝදනා ගොනුකිරීමට අධිකාරියේ මැදිහත්වීමෙන් හැකිව ඇති නමුත්, ඉන් කී දෙනෙකු වැරදිකරුවන් වී තිබේද යන්න පිළිබඳ නිශ්චිත දත්ත මෙතෙක් සාරාංශ කර නොමැත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි, විශ්‍රාමික විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ ප්‍රකාශ කර ඇත්තේ, ලැබී ඇති පැමිණිලිවලින් සියයට 70කට වඩා වැඩි ප්‍රමාණයක් ලිංගික අපරාධ ගණයට වැටෙන බවයි.
මෙරට තුළ මෙවැනි සිදුවීම් වාර්තාවීම ඉහළ යමින් පවතින බවත්, ආගමික පුද්ගලයන් අතින් සිදුවන අපයෝජන ඇතුළු බොහෝ සිදුවීම් තවමත් සමාජ බිය නිසා වාර්තා නොවී පවතින බවත් ඇය වැඩිදුරටත් පෙන්වාදෙයි.
හේමරතන හිමියන්ගේ සිදුවීමට අදාළව බලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳවද ළමා ආරක්ෂක අධිකාරිය විවේචනය එල්ල කර ඇත.
එහි නීති නිලධාරිනී සජීවනී අබේකෝන් මෑතකදී අධිකරණය හමුවේ කියාසිටියේ, අදාළ සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පිටුපසින් දැඩි බලපෑමක් කිරීමට තමන්ට සිදු වූ බවයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිර්මාතෘ සහ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පවසන්නේ, ශ්‍රී ලාංකීය ගතානුගතික සමාජය තුළ භික්ෂූන් වහන්සේලාට හිමි ඉහළ සමාජ තත්ත්වය හේතුවෙන්, ළමයින්ට එරෙහි වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබන මෙවැනි ප්‍රබල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය දුෂ්කර සහ සංකීර්ණ කාර්යයක් බවයි.
හේමරතන හිමියන්ගේ නඩුවට අදාළ විමර්ශන ඉදිරියට ඇදෙන බැවින්, මෙම ‘ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ’ චෝදනාව සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරන්නේද නැද්ද යන්න ඉදිරියේදී ශ්‍රී ලංකා නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි විත්ති පක්ෂයේ නීතිඥ කොටුවැල්ල ප්‍රකාශ කරයි.
(ජනමාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් ‘සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය’ (OCCRP) වෙත සම්පාදනය කළ ලිපියක සිංහල පරිවර්තනය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart