May 30, 2026

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින්, එන්ටරොවෛරස් මෙනින්ජයිටිස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පූර්ව ආරක්ෂිත පියවර ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛයට අනුව මෙම වෛරස් රෝගී තත්ත්වය දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී ඇති අතර, කුඩා දරුවන් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් මේ හරහා වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම රෝගී තත්ත්වයට ගොදුරු වූ පළමු ආසාදිතයන් පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින්ද මෙම ආසාදිතයන් වාර්තා වී ඇති බවයි.