
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දරුවන් 5,780 දෙනෙකු ලිංගික අතවර හෝ දූෂණයට ලක්වීමේ දැඩි අවදානමකට මුහුණ පා සිටින බව මෑතකදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.බී. සුගතපාල මේ බව අනාවරණය කළේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ආණ්ඩුකාර වසන්ත ජිනදාසගේ සම-සභාපතිත්වයෙන් යුතුව මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මෙම දරුවන් අතුරින් 4,248 දෙනෙකු අධි-අවදානම් කාණ්ඩයට අයත් වන බවයි.
මෙලෙස ආරක්ෂාවක් නොමැති අනාරක්ෂිත දරුවන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයෙන් බව ද හෙතෙම පෙන්වාදුන්නේය.
“දිස්ත්‍රික්කය තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය ඉතා බියකරු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේදී ස්ත්‍රී දූෂණ සිදුවීම් 36ක් වාර්තා වී තිබූ අතර, මේ වසරේ ගතවූ මාස පහක (05) කාලය තුළ පමණක් එවැනි සිදුවීම් 24ක් වාර්තා වී තිබෙනවා. ඇතැම් පවුල්වල දෙමාපියන් දරුවන් ඥාතීන් භාරයේ තබා විදේශගත වී සිටිනවා. බොහෝ විට දෙමාපියන්ගෙන් දරුවන්ට ලැබිය යුතු රැකවරණය සහ අවධානය ගිලිහී යාම ඔවුන් මෙලෙස අතහැර දැමීමට ලක්වීමට ප්‍රධාන හේතුවක්” යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත්, මෙලෙස අනාරක්ෂිත බවට හඳුනාගෙන ඇති දරුවන් කෙරෙහි පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවත්, ඔවුන්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රධාන ලේකම් රංජනා ජයසිංහ, වැඩබලන දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් දීපාල් සිරිමාන්න, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගී වී සිටියහ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart