
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශගුණික විපර්යාස හේතුවෙන් වනජීවීන්ට එල්ල වන බලපෑම් අවම කිරීමේ පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ කොටින් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දීමට දේශගුණය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර, අදාළ බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ද ඉදිරියේදී කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ කොටින් කෙරෙහි දේශගුණික විපර්යාසවලින් සිදුවන අහිතකර බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන් මෑතකදී පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම හමුව සංසදයේ සම සභාපතිවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම්. අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ‘එල් නිනෝ’ සහ ‘ලා නිනා’ වැනි දේශගුණික තත්ත්වයන්, අලි ඇතුන්ගේ සහ කොටින්ගේ හැසිරීම් රටාවන්ට මෙන්ම ඔවුන්ගේ වාසස්ථානවලට බලපාන ආකාරය පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය.
වෙනස් වන දේශගුණික රටාවන් හේතුවෙන් වනජීවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ, දේශගුණික විපර්යාස නිසා වනජීවීන්ට සිදුවන බලපෑම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවත්, එහිදී අලි ඇතුන් සහ කොටින් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාව දෙන බවත්ය.
ඉදිරියේදී සිදු කරන අධ්‍යයනයකින් ලැබෙන සොයාගැනීම්, අදාළ බලධාරීන්ට නිර්දේශ සකස් කිරීම සඳහා මහෝපකාරී වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වනජීවී සංරක්ෂණය සහ දේශගුණික අනුවර්තන පියවරයන් පිළිබඳව දේශගුණික විද්‍යාඥයන් සහ පරිසරවේදීන් ද මෙහිදී සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබිණි.
මීට අමතරව, අලි-මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු වනජීවී ආරක්ෂණයට සබැඳි ගැටලු කිහිපයක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, චම්පික හෙට්ටිආරච්චි, රියාස් ෆාරුක් සහ චන්දිම හෙට්ටිආරච්චි ද සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart