
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ හටගත් ගින්නකින් පිටවූ දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, ඒ පිටුපස තිබූ වංචනික ක්‍රියාවන් රැසක් අනාවරණ කර ගැනීමට මඩකලපුව පොලිසිය සමත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 3ක පිරිමි දරුවකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙකි.
විමර්ශනවලට අනුව, දරුවන්ගේ පියා විසින් හෝටල් කාමරය පිටතින් අගුළු දමා ගොස් ඇති අතර, එම අවස්ථාවේදී කාමරයේ තිබූ මෙට්ටයක හටගත් ගින්නකින් පිටවූ දැඩි දුමාරය ආඝ්‍රාණය වීමෙන් දරුවන් දෙදෙනා මියගොස් ඇත.
මඩකලපුව පොලිස් මූලස්ථානය මඟින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලින් පසු, මුලින් වාර්තා වූ තොරතුරුවලට හාත්පසින්ම වෙනස් කරුණු රැසක් හෙළි වී තිබේ.
ඒ අනුව, මෙම සිදුවීමට අදාළව මියගිය දරුවන්ගේ පියාව මඩකලපුව පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබීය.
පිළිකා රෝගයෙන් පෙළෙන බව කියන සිය බිරිඳ බැලීම සඳහා මෙම සැකකරු දරුවන් දෙදෙනා ද සමඟ මඩකලපුවට පැමිණ සිටි බව මුලින් වාර්තා වී තිබිණි.
කෙසේවුවද, පොලිසිය සහ වෛද්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ මවට එවැනි කිසිදු පිළිකා රෝගයක් නොමැති අතර ඇය මේ වන විට මාතර පිහිටි සිය නිවසේ පදිංචිව සිටින බවයි.
එමෙන්ම, සිය බිරිඳ පිළිකා රෝගයෙන් පෙළෙන බවට අසත්‍ය පවසමින්, මෙම සැකකරු සිය කුඩා දරුවන් දෙදෙනා ද යොදාගනිමින් විවිධ ප්‍රදේශවල සිඟමන් යදිමින් මුදල් වංචා කර ඇති බව විමර්ශකයන් විසින් අනාවරණ කරගෙන ඇත.
සැකකරු තමන් බදුල්ලේ පදිංචිකරුවකු බව මුලින් ප්‍රකාශ කර තිබුණද, ඔහු සැබවින්ම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
තවද, ඔහු සන්තකයේ තිබූ ජාතික හැඳුනුම්පත බදුල්ලේ පදිංචි වෙනත් පුද්ගලයකුට අයත් එකක් බව ද පොලිසිය සොයාගෙන ඇත.
එම හැඳුනුම්පතේ නියම අයිතිකරුට 2023 වසරේදී එය අහිමි වී ඇති අතර, ඔහු නීත්‍යනුකූලව නව හැඳුනුම්පතක් ලබාගෙන මේ වන විට කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටියි.
සැකකරු මෙම ව්‍යාජ හැඳුනුම්පත උපයෝගී කරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාව මුලා කර ඇති බව හෙළි වී තිබේ.
මෙම සැකකරුට එරෙහිව මීට පෙරද විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන කිහිපයක මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසයි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා මියගිය දරුවන්ගේ මව ද පොලිසිය හමුවට කැඳවීමට පියවර ගෙන ඇත.
මඩකලපුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart