May 29, 2026

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ඔහුට එරෙහිව තීන්දුවක් ද ලබාදී තිබිණි.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මහාචාර්ය කපිල පෙරේරා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.