May 29, 2026

කාන්තාවන්ගේ ‘ආර්තවය’ (ඔසප් වීම) වර්තමානය වන විට ප්‍රධාන සමාජයීය සහ සෞඛ්‍යමය ගැටලුවක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීම සහ එමඟින් ඒවායේ මිල ගණන් පහත හෙළීම මෙම ගැටලුව විසඳීමට මහෝපකාරී වනු ඇති බව ද ඒ ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේ, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව වැනි රටවල් සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා ඉතා අඩු බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යමින් මෙම ගැටලුව සාර්ථකව කළමනාකරණය කරගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව ද කඩිනමින් එවැනිම බදු සහන ප්‍රතිපත්තියක් වෙත යොමුවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ආර්තව සෞඛ්‍යය මූලික අයිතිවාසිකමක්
එමෙන්ම, ආර්තවය ආශ්‍රිත සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙන් සහය සහ පහසුකම් ලබා ගැනීමට ඇති අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම තහවුරු කරන ලද මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සැලකිය යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් යෝජනා කර සිටියේය.