
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 20.73ක් (දෙකෝටි හැත්තෑතුන් දහසක්) වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් 14 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටුකර ගැනීමට හැකි වී ඇත.
ඊයේ (28) අලුයම 1.30ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට OD 297 දරන ගුවන් යානයෙන් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක වෙත ළඟා වී තිබේ. ඔවුන් මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඔවුන් සතු ගමන් මලු දැඩි පරීක්ෂාවකට ලක්කර ඇත.
එහිදී සැකකරුවන් සතු ගමන් මලු 14 තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය සිගරට් කාටුන් 691ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්ව ඇත. ඒ අනුව රේගු භාරයට ගත් සමස්ත දුම්වැටි සංඛ්‍යාව 138,200කි.
රේගු නිලධාරීන් ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 20.73ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ රේගු බලධාරීන් විසින් දීර්ඝ ලෙස විමර්ශන පැවැත්වූ අතර, ඉන් අනතුරුව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ සියලුම දුම්වැටි තොග රාජසන්තක කිරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart