
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමැති සී. ජෝසප් විජේ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර දේශපාලනික වශයෙන් ඉතා වැදගත් හමුවක් බදාදා දිල්ලියේදී පවත්වා තිබේ.
ජනප්‍රිය නළුවකු මෙන්ම දේශපාලනඥයකු ද වන විජේ මහ ඇමති ධුරයට පත්ව සති කිහිපයකට පසුව සහ මොවුන් දෙදෙනා වසර 12කට පමණ පෙර හමුවීමෙන් පසු පවත්වන ලද පළමු නිල හමුව මෙය වීම විශේෂත්වයකි.
ඉන්දීය අගනුවර පිහිටි ‘සේවා තීර්ථ’ පරිශ්‍රයේදී පැවැති මෙම සාකච්ඡාව විනාඩි 25ක පමණ කාලයක් පැවත්වී තිබේ.
මධ්‍යම රජය සහ තමිල්නාඩුවේ නව නායකත්වය අතර ඉදිරි දේශපාලන සබඳතා කෙබඳු විය හැකිද යන්න පිළිබඳ මේ වන විටත් දේශපාලන කරළියේ දැඩි කතාබහක් මතු කිරීමට මෙම හමුව සමත්ව ඇත.
මෙම හමුවේදී මහ ඇමැති විජේ විසින් අගමැති මෝදි වෙත විශේෂ ඉල්ලීම් ඇතුළත් සවිස්තරාත්මක පෙත්සමක් භාර දෙන ලදී.
එහිදී තමිල්නාඩුවට බලපාන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, ‘වන්දේ මාතරම්’ මතභේදය, මේකේදාටු ව්‍යාපෘති ආරවුල, ආරක්ෂක ව්‍යාපෘති සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුව ඒ අතර ප්‍රධාන වේ.
සාකච්ඡාවෙන් අනතුරුව, දිල්ලියේ පිහිටි තමිල්නාඩු නිවස වෙත පැමිණි මහ ඇමති විජේ වෙත එහිදී උත්තමාචාර මුරයක් ද පිරිනමන ලදී.
මෙම මස මුලදී මහ ඇමැති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු ඔහු දිල්ලි අගනුවර වෙත පැමිණි පළමු නිල සංචාරය ද මෙය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart