May 28, 2026

ගාලු පාරේ රාත්‍රී සමාජ ශාලාවක බලපත්‍රයක් නොමැතිව සූදු ක්‍රීඩාවේ නියැලුණු විදේශීය ජාතිකයන් හය දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන් වයස අවුරුදු 27ත් 48ත් අතර පසුවන චීන ජාතිකයන් වන බවයි.

මොවුන් මුදල් පදනම් කරගත් සූදු ක්‍රියාකාරකම්වල නියැලී සිටි බවට චෝදනා එලා වී ඇත.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.