
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක පරිසර දිනයට සමගාමීව, ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ ‘අලියා වැටුණු වැව’ වනාන්තරය නිල වශයෙන් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව පුරා වෙසෙන වන අලින්ගේ වාසස්ථාන සහ වනජීවී සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ‘වනස්පති’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැකිරාව බලප්‍රදේශය තුළ පිහිටි මෙම ‘අලියා වැටුණු වැව’ රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 69.27ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන බවයි.
වියළි කලාපීය පාරිසරික පද්ධතියකට හිමිකම් කියන මෙම වනාන්තරය ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත වන අතර, වන අලින් ඇතුළු වනජීවී විශේෂ රැසකට රැකවරණය සපයන ප්‍රධාන වාසස්ථානයක් ද වේ.
එමෙන්ම, වනාන්තරය තුළ පිහිටා ඇති ස්වාභාවික ජල මූලාශ්‍රය, එම ප්‍රදේශයේ වෙසෙන වනජීවීන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නකි.
මීට අමතරව, මෙම වනාන්තරය ස්වාභාවික දිය උල්පත් රාශියකට ජල පෝෂක ප්‍රදේශයක් ලෙස ක්‍රියා කරන අතර, අවට කලාපයේ පාරිසරික සමතුලිතතාව මැනවින් පවත්වාගෙන යෑම සඳහා ද විශාල මෙහෙවරක් ඉටු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart