
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය මාපියන් හමුවීම සඳහා තනිවම කොළඹ බලා යෑමට සැලසුම් කර හැටන් බස් නැවතුම්පොළේ රැඳී සිටි සත් හැවිරිදි පාසල් සිසුවකු පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.
පාසල් නිල ඇඳුමෙන් සැරසී බස් නැවතුම්පොළේ තනිවම ගැවසෙමින් සිටි මෙම දරුවාගෙන් එහි සිටි වේලා සටහන්කරුවකු ප්‍රශ්න කර ඇති අතර, එහිදී තමන් පැමිණි හේතුව පැහැදිලිව ප්‍රකාශ කිරීමට දරුවා අපොහොසත් වීම නිසා ඔහු කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇත.
පසුව ඔහු විසින් ඉදිරි විමර්ශන සඳහා දරුවාව පොලිසිය වෙත භාර දී තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දරුවා පවසා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන සිය මාපියන් දැකබලා ගැනීම සඳහා තමන්ට කොළඹ යෑමට අවශ්‍ය වූ බවයි.
මෙම ගමන සඳහා ඥාතියකු තමන්ට මුදල් ලබා දුන් බව ද දරුවා මෙහිදී අනාවරණ කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේ මෙම දරුවා හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර ඔහු බස් නැවතුම්පොළ වෙත පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම පිටින් බවයි.
දරුවා නැවත ඔහුගේ මාපියන් වෙත භාර දීමට ප්‍රථම, මේ පිළිබඳ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart