May 28, 2026

කළුතර දකුණ ප්‍රදේශයේදී අද (28) අලුයම හඳුනානොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් වාර්තාවලට අනුව, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා ඉලක්ක කර ගනිමින් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.