
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උපදෙස් මත, දිවයින පුරා සිටින පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය පසුගිය සඳුදා (25) ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා පළමු සහ දෙවැනි පෙළ පාසල් නියෝජනය කරමින් පුහුණුකරුවන් 74 දෙනෙක් සහභාගී වූහ.
මෙහිදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් විසින් පැය දෙකක විශේෂ දේශනයක් මෙහෙයවනු ලැබීය.
එහිදී ඔහු නවීන පුහුණු ක්‍රමවේද පිළිබඳ අදහස් දැක්වූ අතර, දක්ෂ තරුණ ක්‍රීඩකයන් ජාතික මට්ටමට ඔසවා තැබීම සඳහා පාසල් පුහුණුකරුවන් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු රැසක් පෙන්වා දුන්නේය.
ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික කුසලතා උගන්වන අතරතුරම, දරුවන් සඳහා සුහදශීලී සහ සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම කර්ස්ටන් මෙහිදී අවධාරණය කළේය.
එමෙන්ම සාර්ථක ක්‍රීඩකයන් බිහි කිරීමට නම් පුහුණුකරුවන් ද තමන්ගේ දැනුම හා කුසලතා මට්ටම අඛණ්ඩව යාවත්කාලීන කරගත යුතු බව ඔහු සඳහන් කළේය.
තරඟ ජයග්‍රහණය කිරීම ගැන පමණක්ම අවධානය යොමු නොකර, අන්තර්ජාතික මට්ටමට ගැළපෙන ගුණාත්මක ක්‍රීඩකයන් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ඔහු පාසල් පුහුණුකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම වැඩසටහන සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් සහ ජාතික පන්දු රැකීමේ මෙන්ම දඟපන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි ද එක්වෙමින් තමන්ගේ අත්දැකීම් සහ දැනුම පුහුණුකරුවන් සමඟ බෙදාගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපති මෙන්ම ක්‍රිකට් පරිවර්තන කමිටු සාමාජිකයකු ද වන හිටපු ප්‍රවීණ ක්‍රීඩක සිදත් වෙත්තිමුණි විසින් මෙහි ආරම්භක දේශනය පවත්වන ලදී.
වැඩසටහන අවසානයේදී සහභාගී වූවන්ට ගැරී කර්ස්ටන් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට සහ ගැටලු නිරාකරණය කර ගැනීමට හැකි වන පරිදි ප්‍රශ්නෝත්තර සැසියක් ද සංවිධානය කර තිබිණි.
මෙරට පාසල් ක්‍රිකට් පද්ධතිය තුළ ඉහළ කුසලතා සහ දැනුමෙන් පිරිපුන් පුහුණුකරුවන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ඉදිරියටත් වරින් වර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart