
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචාවකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස තම බාරයේ තබාගෙන සිටීමේ චෝදනාව මත වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
විමර්ශනවලට අනුව, රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අදාළ චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම සඳහා ස්ථානාධිපතිවරයා විසින් එක් අයෙකුගෙන් රුපියල් 300,000 බැගින් වූ අල්ලස් මුදලක් ඉල්ලා ඇත.
මෙම අල්ලස් ඉල්ලීම සහ විදේශ ගමන් බලපත්‍ර නිදහස් කිරීම පිළිබඳ ගනුදෙනුව කාන්තාවක් මාර්ගයෙන් සන්නිවේදනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකාර ස්ථානාධිපතිවරයා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart