
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හැටන් – දික්ඔය ප්‍රදේශයේ පසුගියදා සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු අද (27) අලුයම බන්ධනාගාර අත්අඩංගුවෙන් පලා ගොස් තිබේ.
ඔහු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය හදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළේ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම සැකකරු ඊයේ රාත්‍රියේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබූ බවයි.
කෙසේවෙතත්, අද අලුයම රෝහලේදී තමන්ව මුර කරමින් සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස් වසා පලා යෑමට ඔහු සමත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ බලධාරීන් පොලිසිය දැනුවත් කර විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
පලාගිය සැකකරු සොයා මේ වන විටත් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකය.
හැටන් – දික්ඔය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන තිබිණි.
පොලිස් විමර්ශනවලට අනුව, සැකකරු විසින් සිය ණය මුදලක් පියවා ගැනීම සඳහා මෙම යුවළ ඝාතනය කර ඇති අතර, පසුව වින්දිතයන් සතු රන් ආභරණ ද සොරකම් කර ඇති බව අනාවරණ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart