May 27, 2026

ගල්අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලිවලට අදාළව සාක්ෂි ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

කොමිසම වෙත මේ වන විට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 28කි.

මෙම ගල්අඟුරු ගනුදෙනුවලට සම්බන්ධ ආයතනවල නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදුවෙමින් පවතින බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, ලංකා ගල්අඟුරු සමාගම, නොරොච්චෝලේ ලක්විජය බලාගාරය මෙන්ම බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ද ඉදිරියේදී මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මීට අමතරව, ගල්අඟුරු ගනුදෙනු පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රසිද්ධියේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ද නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව තිබේ.