
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක කාමරයක් තුළ කාන්තා වෛද්‍යවරියන් කිහිපදෙනකු ස්නානය කරමින් සිටි අයුරු රහසින් ජංගම දුරකථනයකින් පටිගත කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනා, මෙම සිදුවීමට අදාළ නඩුව සමථයකට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව සොයාබලමින් සිටින බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නාරාහේන්පිට පොලිසිය ඊට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් විය.
ඒ අනුව, මීළඟ නඩු දිනයේදී විමර්ශන කටයුතු අවසන් කර ඊට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී කාන්තා වෛද්‍යවරියන් රහසින් පටිගත කළ බවට චෝදනා ලැබ සිටින පළමු සහ දෙවැනි සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් සේනානායක අධිකරණයට දන්වා සිටියේ, දෙපාර්ශවය අතර සමථයකට එළැඹීමේ හැකියාව පිළිබඳව සොයාබැලීමට විත්ති පාර්ශවය සූදානම් බවයි.
කෙසේවෙතත්, අගතියට පත් කාන්තා වෛද්‍යවරියන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, එවැනි සමථයක් සම්බන්ධයෙන් තම සේවාදායකයින් මෙතෙක් කිසිදු උපදෙසක් ලබා දී නොමැති බවයි.
එවැනි පියවරක් ගැන සලකා බැලීමට පෙර පැමිණිලිකාර පාර්ශවයෙන් පැහැදිලි උපදෙස් ලබාගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, මෙම සිදුවීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින තුන්වැනි සහ හතරවැනි සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන් ප්‍රනාන්දු, තම සේවාදායකයින්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවල පදනම ප්‍රශ්න කළේය.
ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ආධාර අනුබල දුන් බව කියන තුන්වැනි සහ හතරවැනි සැකකරුවන් යන සිව්දෙනාටම එකම ජංගම දුරකථනයක් එකට අල්ලාගෙන කාන්තා වෛද්‍යවරියන් ස්නානය කරන අයුරු පටිගත කරන්නේ කෙසේදැයි තමන්ට වටහාගත නොහැකි බව ඔහු අධිකරණයට පැවසීය.
දැනට ඇප මත මුදාහැර සිටින මෙම සැකකරුවන් සිව්දෙනාට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන ජූලි මාසයේ 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart