May 26, 2026

විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමට උත්සාහයක් හෝ අවශ්‍යතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

ඔහු පැවසුවේ මහජන ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් හෝ උත්සාහයක් නෑ. ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයෙන් කිසිම කෙනෙක් ආණ්ඩුවට ගන්න. ඒ විතරක් නෙමෙයි ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා”යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.