May 26, 2026

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි විත්තිකරු පසුගියදා යාපනය බන්ධනාගාරය තුළදී මියයෑමෙන් පසු ඔහුගේ මළ සිරුර බාර ගැනීම බිරිඳ විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම සිරුර රජයේ වියදමින් මිහිදන් කිරීමට තීරණය කර තිබේ.

විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක්කර ඝාතනය ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව ඔහුගේ බිරිඳ ඔහු බැලීම සඳහා බන්ධනාගාරය වෙත නොපැමිණි බව ද වාර්තා වේ.

46 හැවිරිදි පූපාලසිංහම් ජයකුමාර් නැමති සැකකරු පසුගියදා බන්ධනාගාරය තුළදීම සියදිවි හානි කරගෙන තිබිණි.

ඒ, ඔහුට පනවා තිබූ මරණීය දණ්ඩනට වෙනස් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වීමෙන් පසුවය.

මහලිංගම් සශී කුමාර් හෙවත් ස්විස් කුමාර්, මේ වන විට සියදිවි නසාගෙන සිටින පූබාලසිංගම් ජය කුමාර්, තිලයිනාදන් චන්ද්‍රහාසන් හෙවත් චන්ද්‍රා සහ, සිවතේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන් සිව් දෙනාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි.