
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසරේ අවසානය වන විට ශ්‍රී ලංකාව මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ආදායම වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ පවසයි.
එම කාර්යාංශයේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ 2026 වසරේ පළමු මාස හතර (ජනවාරි – අප්‍රේල්) ඇතුළත පමණක් මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ මෙරටට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ප්‍රේෂණ ආදායමකි.
එතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ආදායම ලෙස සැලකුණේ එයයි.
විදේශ ප්‍රේෂණ මෙලෙස වාර්තාගත ලෙස ඉහළ යෑම කෙරෙහි බලපෑ ප්‍රධාන හේතු කිහිපයක් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විදේශගත ශ්‍රමිකයින්ගේ මූලික වැටුප් ඉහළ යෑම, නව රජය විසින් හඳුන්වා දුන් සාධනීය පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්රයට අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබීම, විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් සුභසාධන පහසුකම් පුළුල් කිරීම ඒ අතර වේ.
මැදපෙරදිග කලාපයේ ඇතැම් ප්‍රදේශවල පවතින නොසන්සුන්කාරී සහ ගැටුම්කාරී තත්ත්වයන් මධ්‍යයේ වුවද, මෙම වාර්තාගත විදේශ ප්‍රේෂණ ආදායම උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක් බව වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart