May 26, 2026

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ, බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු රෝගී වීම හේතුවෙන්, එම රෝගී තත්ත්වය තවදුරටත් පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව, අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට අදාළ නඩු කටයුතු ඉදිරියේදී ඔන්ලයින් (සූම්) තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

මේ අතර, ආරක්ෂිත පියවරක් ලෙස දිවයිනේ වෙනත් කිසිදු බන්ධනාගාරයක සිට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැඳවියන් මාරුකර එවීම ද වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.