
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සිය ඒකාබද්ධ පරීක්ෂණ කලාපයේ සිට කෙටි දුර විදින ‘අග්නි-I’ බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බැලීමට කටයුතු කළේය.
“මෙම දියත් කිරීම මඟින් මිසයිලයේ සියලුම මෙහෙයුම් සහ තාක්ෂණික පරාමිතීන් නිවැරදි බව සනාථ වුණා,” යනුවෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම පරීක්ෂණය උපායමාර්ගික බලකා අණසක යටතේ සිදුකළ බවද අමාත්‍යාංශය පැවසීය.
ඉන්දියාවේ ‘අග්නි’ මිසයිල කාණ්ඩයට අයත් අග්නි-I, අග්නි-II, අග්නි-III සහ අග්නි-IV යන මිසයිල සතුව දළ වශයෙන් කිලෝමීටර 700 සිට 3,500 දක්වා දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතී.
ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, මෙම මිසයිලය අත්හදා බලන ලද්දේ ඉන්දියන් සාගර කලාපයේ විශාල භූගෝලීය ප්‍රදේශයක් පුරා විසිරී ඇති වෙන වෙනම ඉලක්ක වෙත එල්ල කළ හැකි පතොරම් කිහිපයක් ද සහිතවය.
“මිසයිලයේ ගමන් මග නිරීක්ෂණය කිරීම ගොඩබිම සහ නෞකා මත පදනම් වූ මධ්‍යස්ථාන කිහිපයක් මඟින් සිදු කරනු ලැබුවා. මෙම පද්ධති මඟින් මිසයිලය ගුවන්ගත වූ මොහොතේ සිට එහි සියලුම පතොරම් ඉලක්ක වෙත පතිත වන තෙක්ම සම්පූර්ණ ගමන් පථය නිරීක්ෂණය කළා. පියාසර දත්ත මඟින් තහවුරු වුණේ මෙම පරීක්ෂණයේදී සියලුම මෙහෙයුම් අරමුණු සාර්ථකව ඉටු කරගත් බවයි,” අමාත්‍යාංශය සඳහන් කළේය.
තනි මිසයිල පද්ධතියක් භාවිත කරමින් උපායමාර්ගික ඉලක්ක කිහිපයකට එකවර ප්‍රහාර එල්ල කිරීමට ඉන්දියාව සතු හැකියාව මෙම දියත් කිරීම මඟින් පෙන්නුම් කළ බවත්, එය රටේ උපායමාර්ගික යුද වැළැක්වීමේ හැකියාවන්හි සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරන්නක් බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart