
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකීය ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ඡායාරූපයක් අමෙරිකාවේ නිව් යෝර්ක්හි ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබේ.
දකුණු ආසියානු උරුම ලෙස නම්කර ඇති මෙම මාසයේ කොටසක් ලෙස ඇයගේ රුව ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය මෙසේ කර ඇත.
”ලොව පුරා මගේ ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය නියෝජනය කිරීමට ලැබීම ගැන ආඩම්බරයි! USA සමඟ මගේ සංගීතය බෙදාගැනීමට මෙම අපූරු අවස්ථාව උදාකළ @spotifylk වෙත ස්තූතියි. අපේ සංස්කෘතිය සහ සංගීතය මෙහි සමරනු දැකීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා.” යැයි යොහානි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබේ.
එමෙන්ම ඇයගේ මංගල ගීත අල්බමයවන ”කෙල්ල” ඔක්තෝබර් මාසයේදී එළි දැක්වීමට නියමිත බව පසුගියදා ඇය සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart