
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකාව විසින් ඉරානය යටත් කරගෙන ඇති බව දැක්වෙන ජයාරූපයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම Truth Social ගිණුමේ පළකර තිබේ.
ඔහු එම සටහන පළකර ඇත්තේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව තවත් ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවන පසුබිමකය.
ඒ අනුව ඔහු සිය ඉරානය ද ඇතුළුව මැදපෙරදිග රටවල් කිහිපයක් දැක්වෙන සිතියමක් පළකර තිබූ අතර එහි ඉරානයට අයත් භූමි ප්‍රදේශය සම්පූර්ණයෙන් අමෙරිකානු ධජයෙන් දිස්වන පරිදි දක්වා තිබේ.
පෙන්ටගනය ද ක්‍රියාකාරී හමුදා මෙහෙයුම් සමාලෝචනය කරමින් ඇති බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසකගේ සතිඅන්ත නිවාඩු අවලංගු කර ඇති බවත් වාර්තා වේ.
මේ අතර කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව එල්ල විය හැකි නව ප්‍රහාර සඳහා සූදානම් වෙමින් සිටින බව CBS නාලිකාව වාර්තා කළ අතර, ඇතැම් ඇමෙරිකානු හමුදා නිලධාරීන් ඔවුන්ගේ රණවිරු අනුස්මරණ දින නිවාඩු ද අවලංගු කර ඇත.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා සිය පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට ද සහභාගීවීමෙන් වැළකී සතිඅන්තය ධවල මන්දිරයේ ගතකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ද අන්තර්ජාතික ප්‍රජාව තුළ දැඩි කතාබහක් මතුව තිබේ.
ඇතැම් අන්තර්ජාතික විචාරකයන් පවසන්නේ, එය ඉරානයට පහරදීමේ සූදානමක් පිළිබඳ සිදුකෙරෙන අනතුරු ඇගවීමක් විය හැකි බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ප්‍රකාශ කළේ, රාජ්‍ය කටයුතු සඳහා තමන්ට වොෂින්ටනයේ රැඳී සිටීමට සිදුවී ඇති බැවින්, තම වැඩිමහල් පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ බෙටිනා ඇන්ඩර්සන්ගේ විවාහ උත්සවයට තමන් සහභාගී නොවන බවයි.
“මගේ පුතා වන ඩොන් ජූනියර් සහ ට්‍රම්ප් පවුලේ අලුත්ම සාමාජිකයා වීමට නියමිත ඔහුගේ අනාගත බිරිඳ බෙටිනා සමඟ සිටීමට මම බෙහෙවින් කැමැත්තෙන් සිටියද, රජයේ කටයුතුවලට අදාළ තත්ත්වයන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය කෙරෙහි මා තුළ ඇති ආදරය හේතුවෙන් මට එසේ කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත,” යනුවෙන් ට්‍රම්ප් Truth Social වෙබ් අඩවියේ සටහනක් තබමින් සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart