
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහාභාණ්ඩාගාරයේ අරමුදල් සම්බන්ධ සයිබර් සොරකමක් පිළිබඳ විමර්ශන සඳහා සහාය වීමට ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට පළවන වාර්තා කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට පළ වූ වාර්තා ‘වැරදි සහගත’ බවත්, එවැනි කිසිදු කණ්ඩායමක් මෙරටට පැමිණ නොමැති බවත්ය.
බොහෝ රටවල ක්‍රියාත්මක වන සාමාන්‍ය පටිපාටියට අනුව, සත්කාරක රටවල බලධාරීන් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී නීතිය බලාත්මක කිරීමේ සහයෝගීතාව සම්බන්ධීකරණය කිරීම සඳහා තානාපති කාර්යාලය තුළ FBI නීති අනුබද්ධිත (Legal Attaché) නිලධාරී නියෝජනයක් පවත්වාගෙන යන බව එහි දැක්වේ.
“විශේෂයෙන්ම සංවේදී ආරක්ෂක සහ විමර්ශන කටයුතුවලදී තොරතුරුවල නිරවද්‍යතාවය ඉතා වැදගත් වේ,” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මහාභාණ්ඩාගාර අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ක්‍රමවේද ඔස්සේ සොරකම් කිරීම සහ ඇමෙරිකානු තැපැල් බලධාරීන්ට සම්බන්ධ ඩොලර් 625,000ක වෙනත් ගෙවීමක් පිළිබඳව සිදුකෙරෙන විමර්ශන සඳහා සහාය වීමට FBI කණ්ඩායමක් ලංකාවට පැමිණ ඇති බවට දේශීය ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමඟ තානාපති කාර්යාලය මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart