
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මෑතකදී පහළ යෑම රජයේ කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නිසා සිදු වූවක් නොව, මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් නිර්මාණය වූ ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය .
මෙම ගෝලීය අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෑස්, පොහොර, නාවික සහ රක්ෂණ ගාස්තු සඳහා වන පිරිවැය ද ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ආනයනික භාණ්ඩවල ඩොලර් මිල ගණන් මෑත මාසවලදී සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, අපනයන මිල ගණන් ඒ හා සමානව ඉහළ නොයෑම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඇමරිකානු ඩොලරය ශක්තිමත් සහ ස්ථාවර කිරීමට ගෝලීය වශයෙන් දරන උත්සාහයන් හේතුවෙන් එම මුදල් ඒකකයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ආයෝජන ඩොලරය දෙසට හැරීම නිසා ලොව පුරා අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී ඇති බව ද ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කළේය.
පවතින තත්ත්වය තුළ ආර්ථිකය හැකිලීමට හෝ ආනයන සීමා පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කළේය.
මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඉන්ධන මිල තියුණු ලෙස ඉහළ ගිය අතර, එම ඉහළ මිල ගණන් යටතේ මිලදී ගත් ඉන්ධන සඳහා ගෙවීම් මැයි මාසයේදී සිදු කිරීමට නියමිත බවත්, ඒ අනුව රටේ ඉන්ධන ආනයන බිල ඇමරිකානු ඩොලර් මිලියන 120-200 සිට ඩොලර් මිලියන 521 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.
ඩොලරය සඳහා ඉල්ලුම ඉහළ යෑමත්, කෙටි කාලීනව එම ඉල්ලුම සපුරාලීමට ඇති සැපයුම සීමිත වීමත් නිසා විනිමය අනුපාතිකය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඊයේ දිනයේදී රුපියල් 350 සීමාව ඉක්මවා ගිය බව ද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේවෙතත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ පස්වැනි සහ හයවැනි සමාලෝචන මැයි 27 වැනිදා සලකා බැලීමට නියමිත අතර, එම වාරික දෙකම ලැබෙනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් ද ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
රට ගැන සැලකිලිමත් වන ජනතාවට තමන්ට ලැබී ඇති යහපත් ආරංචියක් පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේ, මේ වන විට අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළේ ඩොලරයේ මධ්‍යස්ථ අගය රුපියල් 330 දක්වා පමණ පහළ බැස ඇති බවයි.
ගනුදෙනු කිරීමේදී ගැනුම් අනුපාතිකය රුපියල් 327ක් සහ විකුණුම් අනුපාතිකය රුපියල් 332ක් පමණ වන බවත්, මෙය රටට ආදරය කරන ජනතාවට ලැබෙන දිරිගන්වනසුලු ආරංචියක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මැයි 27 වැනිදා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඩොලර් මිලියන 700ක වාරික දෙකක් මුදා හැරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත අතර එම අරමුදල් ලැබෙනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, මීට අමතරව ජුනි මස අවසානය වන විට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 480ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් සහ අනුබද්ධ ආයතනයකින් තවත් ඩොලර් මිලියන 50ක මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart