
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද(22) අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඔහුගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද හතරවැනි දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවනු ලැබූ
අවස්ථාවේදී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මියගිය කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් හමුවී තිබෙන බවයි.
ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවකට එම නිවස පිරිසිදු කිරීමේදී මෙම මුදල් පසුම්බි දෙක හමුවී තිබෙන බවත් එම මුදල් පසුම්බිවල තිබී බැංකු කාඩ් පත් තුනක් සොයාගෙන තිබෙන බවත් කී පොලිසිය එම බැංකු කාඩ් පත් අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ අදාළ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි.
“ඉදිරි විමර්ශන කරන්න මේ ජංගම දුරකථනය විවෘත කිරීම අවශ්‍යයි. විමර්ශන ප්‍රමාද වෙන්නේ ඇයි?. මේ විමර්ශන කඩිනමින් කරන්න උත්සාහ කරන්න” යනුවෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් පොලිසිය වෙත කරුණු දක්වමින් ප්‍රශ්න කළේ ” පසුගිය වැඩිදුර වාර්තාවේ සඳහන් කරලා තිබුණා මේ මරණකරු මිය ගිය නිවස අවට තිබෙන සීසිටීවී පරීක්ෂා කළා කියලා.. එම පරීක්ෂාවේදී බාහිර පුද්ගලයන් අදාළ නිවසට ඇතුළු වී නැති බවත් වාර්තා කර තිබුණා. නමුත් පසුගිය වතාවේ නිවසේ සේවිකාවක් ලබාදුන් සාක්ෂියක ප්‍රකාශ කර තිබුණා එම නිවස තුළ පුද්ගලයකු සිටි බවට.” යනුවෙනුයි.
ඊට පිළිතුරු දෙමින් ,” ස්වාමීනී… මෙම නිවසට රථ ගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබෙනවා. ඒ අවට තිබෙන සීසීටීවී දර්ශන පරීක්ෂා කළා. එහිදී අනාවරණය වුණා එම දොරටුවලින් බාහිර පුද්ගලයන් මෙම නිවසට පැමිණ නොමැති බවට.” යනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කර ඇත.
පසුගිය වැඩිදුර වාර්තාවේ සටහන් කළේ එම කාරණය බවත් පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත තවත් ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ මෙම නිවසට ඇතුළු විය හැකි දොරටු තුනක් ප්‍රධාන මාර්ගයට යාබදව තිබෙනවා නේද යන්නයි.
ගූගල් සිතියම් ආශ්‍රයෙන් ඒ පිළිබඳ පරීක්ෂා කර බලා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියම කළේය.
ඒ අනුව අදාළ සිතියම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ප්‍රධාන මාර්ගය ඔස්සේ අදාළ නිවසට පිවිසිය හැකි එක් දොරටුවක් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart