May 20, 2026

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගෙන මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන ඔහු හමුවී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් සතියක් ඇතුළත ඔහුට ඇප ලබා ගැනීමට පියවර ගන්නා බව රැස්වීමේදී එම කණ්ඩායම පිල්ලෙයාන්ට දැනුම් දී ඇති බව ඔහු තවදුරටත් පැවසීය.

පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානාගෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම්ව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම තොරතුරු හෙළි කළේය.

දැනට ප්‍රංශයේ පදිංචිව සිටින අසාද් මවුලානාගේ ප්‍රකාශය ප්‍රංශයේ තානාපති කාර්යාලයේදී සටහන් කර ඇති බව පැවසිණි.