
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලය සමඟ ගැටුම අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින්, සාම ගිවිසුමකට එළඹීමට ඇති කාලය ගෙවී යන බව පවසමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබේ.
ඔහුගේ Truth Social ගිණුමේ පළකරන ලද පණිවිඩයක ට්‍රම්ප් කියාසිටියේ, ඉරානය ඉක්මනින් ක්‍රියා කළ යුතු බව සහ එසේ නැතහොත් බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බවයි.
“කාලය ගෙවී යනවා” යැයි ඔහු පැවසූ අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් “කිසිවක් ඉතිරිව නොතිබිය හැකි” බවට අනතුරු ඇඟවීය.
ඉරිදා ට්‍රම්ප් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ වත්මන් තත්වය පිළිබඳව සකච්ඡා කර තිබිණි.
ඉරානයේ නවතම සාම යෝජනාවලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය කිසිදු ප්‍රධාන සම්මුතියක් ඉදිරිපත් කර නොමැති බව ඉරාන ජනමාධ්‍ය වාර්තා කළේය. මෙය සාකච්ඡා වලදී අවහිරයක් ඇති කළ හැකි බව ඉරාන නිලධාරීහු පවසා තිබිණි.
වාර්තා වන පරිදි සටන් වහාම නතර කිරීම, එක්සත් ජනපද නාවික අවහිරතා නැවැත්වීම, අනාගතයේ ප්‍රහාර එල්ල නොකරන බව සහතික කිරීම සහ යුද හානි සඳහා වන්දි ලබාදීම ඉරානයේ ඉල්ලීම් අතර විය.
එසේම ගෝලීය තෙල් නැව්ගත කිරීම් සඳහා වැදගත් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට තම පාර්ශවයට අයිතිය ඇති බවද ඉරානය අවධාරණය කළේය.
එක්සත් ජනපදය ඉරානයෙන් න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමාකරන ලෙසත්, අධික ලෙස යුරේනියම් බලගැන්වීමේ වැඩසටහන් ඇමරිකානු පාලනයට මාරුකරන ලෙසත් ඉල්ලා ඇති බව වාර්තා වේ.
අප්‍රේල් මාසයේ සිට සටන් විරාමයක් බොහෝ දුරට පැවතුණද, දෙරට අතර ආතතීන් ඉහළ මට්ටමක පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart