May 18, 2026

ඉරිදා අයිඩහෝහි පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර ගුවනේදී එක්සත් ජනපද නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයන් හතර දෙනෙකු දිවි ගලවාගත් බව වාර්තා වේ.

මවුන්ටන් හෝම් ගුවන් හමුදා කඳවුර අසල පැවති ගන්ෆයිටර් ස්කයිස් ගුවන් සංදර්ශනයේ දෙවැනි සහ අවසාන දිනය අතරතුර මෙම අනතුර සිදුවිය.

EA-18G ග්‍රෝලර් ජෙට් යානා දෙක ගුවන් සංදර්ශනයක් සිදු කරමින් සිටියදී අනතුරට ලක්විය.

වාර්තාවන්ට අනුව, අනතුරට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන් හතරදෙනාම ආරක්ෂිතව ගුවන් යානාවලින් පිටතට පැන තිබේ.

ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් දැන් ස්ථාවර තත්ත්වයේ පසුවන අතර වෛද්‍ය කණ්ඩායම් විසින් ඔවුන්ව පරීක්ෂා කරනු ලබන බව වාර්තා පවසයි.

ඔවුන්ට බරපතල තුවාල සිදුවී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.

ගැටීමෙන් පසු, අනතුර සිදු වූ ස්ථානයේ ගින්නක් ඇති වූ අතර, ආරක්ෂක හේතූන් මත හමුදා කඳවුර තාවකාලිකව වසාදමා ඇත.

පසුව සංවිධායකයෝ ගුවන් සංදර්ශනයේ ඉතිරි කොටස අවලංගු කළහ.

මෙම සංදර්ශනයට සම්බන්ධ වූ ගුවන් යානා වොෂින්ටනයේ පිහිටි විද්‍යුත් ප්‍රහාරක බලඝණයකට අයත් විය.

මෙම EA-18G ග්‍රෝලර් ජෙට් යානයක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 67 ක් පමණ වේ.

අනතුරට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.