May 16, 2026

නිල සංචාරයක් සඳහා නෙදර්ලන්තයට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට රාජකීය මාළිගයේදී නෙදර්ලන්තයේ විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු සහ මැක්සිමා රැජින හමුවිය.

එහිදී ඩිජිටල් තාක්ෂණය, නවෝත්පාදන, ෆින්ටෙක් (fintech) සහ නිල් ආර්ථිකය (blue economy) යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කෙටි නැවතුමකට පසු, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය ද ඇතුළත් වන රටවල් 05 ක සංචාරයේ දෙවන අදියර ලෙස අග්‍රාමාත්‍ය මෝදි සිකුරාදා නෙදර්ලන්තයට පැමිණියේය.

“රාජකීය මාළිගයේදී විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු සහ මැක්සිමා රැජින හමුවුණා. තාක්ෂණය, නවෝත්පාදන, තිරසාර වර්ධනය, වාණිජ්‍යය සහ ජල සම්පත් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ ඉන්දු-නෙදර්ලන්ත මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට ලැබීම අතිශයින්ම සතුටට කරුණක්,” යනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි මෙම හමුවෙන් පසු X හි සටහනක් තබමින් ප්‍රකාශ කළේය.