May 17, 2026

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර සෙනසුරාදා (16) උදෑසන සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවසේ තිබී මෙවලම් සහ දුම්රිය උපකරණ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසියට අනුව, දුම්රිය මාර්ග මාරුකිරීම සඳහා භාවිත කරන යකඩ ලීවර තුනක් සහ ඒවා ඉවත් කිරීමට භාවිත කළ බවට සැලකෙන මෙවලම් සැකකරුගේ නිවස තුළ සඟවා තිබියදී සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

වනවාසල පදිංචි 27 හැවිරිදි සැකකරු සිද්ධියට සම්බන්ධ දුම්රිය උපාංග ඉවත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.