
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා අමාත්‍ය රොනල්ඩ් ලැමෝලා සමඟ සාකච්ඡා පැවැත්වීය.
නායකයන් දෙපළම උපායමාර්ගික හවුල්කාරිත්වයේ විවිධ පැතිකඩයන් සමාලෝචනය කළහ.
X (ට්විටර්) හි සටහනක් තබමින් ජයිශංකර් මහතා පැවසුවේ, “අද සවස දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍ය රොනල්ඩ් ලැමෝලා මහතාව හමුවීමට ලැබීම ගැන සතුටුයි. අපගේ උපායමාර්ගික හවුල්කාරිත්වයේ විවිධ පැතිකඩයන් සමාලෝචනය කළා. එසේම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන බහුපාර්ශ්වික ගැටලු පිළිබඳව ද සාකච්ඡා කළා. ආයතනික යාන්ත්‍රණයන් හරහා අපගේ සබඳතා තීව්ර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එකඟ වුණා,” යනුවෙනි.
දකුණු අප්‍රිකානු දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් සහ කාලීන මෙන්ම ඉදිරිගාමී කරුණු පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව දරන උත්සාහය වෙනුවෙන් අමාත්‍ය ලැමෝලා ඉන්දීය විදේශ අමාත්‍යවරායට ස්තූතිය පුද කළේය.
X හි සටහනක් තබමින් ලැමෝලා පැවසුවේ “දකුණු අප්‍රිකානු දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් සහ බ්‍රික්ස් (BRICS) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සංවිධානය කරමින් කාලීන මෙන්ම ඉදිරිගාමී කරුණු පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව දරන උත්සාහය වෙනුවෙන් අමාත්‍ය එස්. ජයිශංකර් මහතාට සහ ඉන්දීය රජයට ස්තූතියි.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart