May 16, 2026

මල්වානේ පිහිටි රජයේ දේපළකට ඇතුළු වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් එම දේපළවලට හානි සිදුකර ඇති බව සඳහන් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සංසරණය වෙමින් තිබේ.

ඒ, ඊට අදාළ දර්ශන බව හැඟවෙන තරුණ තරුණියන් පිරිසක් සිටින වීදියෝවක්ද සම්බන්ධ කර ගනිමිනි.

කෙසේවෙතත් අදාළ වීඩියෝවේ මුල් හිමිකරු සමාජ මාධ්‍ය ඔස්සේම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කරන්නේ අදාළ වීඩියෝව මීට දෙවසරකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේදී රූගත කරන ලද්දක් බවයි.

එම සිදුවීම අධ්‍යයන කටයුත්තකට අදාළ වේදිකා නාට්‍යයක් සඳහා පසුතලයක් සකසන අවස්ථාවක ලැබූ විරාමයකදී විනෝදය පිණිස කරන ලද නර්තනයක් බවත් දිනු ලියනගේ නම් අදාළ තරුණිය සඳහන් කරයි.

ඒ අනුව ජනතාව නොමග යවනසුළු සමාජ මාධ්‍ය පළ කිරීම් සිදුකිරීමෙන් වළකින ලෙස ඇය ඉල්ලා සිටී.