May 16, 2026

රුපියල් කෝටි 1000ක ගල් අඟුරු වංචාවක් සම්බන්ධව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.

අදාළ පැමිණිල්ල පසුගිය වසරේ ජනවාරි මස ඉදිරිපත් කර තිබුණේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති කමන්ත තුෂාර විසිනි.

එම පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, එහි සඳහන් කරන ලද කරුණු සම්බන්ධව විමර්ශනයක් සිදු කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව
කොමිසම විසින් පැමිණිලිකරුට දැනුම් දී තිබේ.