May 16, 2026

ගාල්ල උඩුගම බලා ධාවනය වූ බස්රථයක ඉදිරි දොර ආසන්නයේ සිටි මගියකු මකුළුව හන්දිය ආසන්නයේදී බස් රථයෙන් ඉවතට වැටීමෙන් මියගොස් තිබේ.

ඊයේ(15) රාත්‍රී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 26ක් වන එම මගියා බස් රථයෙන් වැටීමෙන් පසු කඩිනමින් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ නමුත් සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල වරාය පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.