
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග වෙනුවෙන් මෙරට ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාසයන්හි ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සඳහා අන්තර්ජාතික මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ මෙරට නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්රවේශයන් ද මෙහිදී ඉස්මතු කෙරිණි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් විසින් මෙම වැඩසටහනේ පරීක්ෂණාත්මක සහ තහවුරු කරන ලද ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වාදීම ද සිදු කරන ලදී.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම, මෙන්ම ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, පර්යේෂකයන් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශක්තිමත් කිරීම ද අරමුණු කරගෙන තිබිණි.
ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ දුම්පානය, නැවැත්වීමේ ජාතික වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව නවසීලන්ත ඔික්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පාසලේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ක්‍රිස් බුලන් විසින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය සිදු කරන ලද අතර, දුම්පානය නැවැත්වීමේ උපායමාර්ග, දුම්පානය සහ ශ්වසන රෝග, දුම්පානය නැවැත්වීමේ මුලපිරීම් සහ ක්‍රියාකාරී සැලසුම්, දුම්පානය නැවැත්වීම සඳහා සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්රවේශයන් පිළිබඳව ද මෙහිදි දේශණ පවත්වන ලදී.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි පෙන්වා දුන්නේ ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙස දුම්කොළ භාවිතය හඳුනාගෙන ඇති බවයි.
දුම්කොළ ආශ්රිත රෝගී තත්ත්වයන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට, ආර්ථිකයට සහ පවුල්වලට විශාල බරක් පටවමින් පවතින බව ද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
රජයේ ප්‍රධාන අරමුණ රටේ ජනතාව රෝගවලින් තොරව සතුටින් තැබීම බවත්, රෝගවලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරිම සෞඛ්‍ය අංශයේ අරමුණ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart