May 16, 2026

පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති ආකාඩි ඩ්වෝර්කොවිච් දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම ශූරතාවලිය අද (16) සිට මැයි 26 දක්වා සිට්‍රස් වස්කඩුවේදී පැවැත්වීමට නියමිත අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 14ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 550ක් පමණ සහභාගී වෙති.

රුසියාවේ මොස්කව් සිට ඊයේ උදෑසන 7.40ට පමණ ඩ්වෝර්කොවිච් බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණියේ ඒරොෆ්ලොට් SU-288 ගුවන් යානයෙනි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ගෝල්ඩ් රූට් විශේෂ අමුත්තන්ගේ විවේකාගාරයේදී ඔහුව පිළිගනු ලැබීය.