
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා අභාවප්‍රාප්ත වූ රතුගල ආදිවාසී නායක සුදාවන්නිලා ඇත්තන්ගේ මෘතදේහය කොළඹ සිට බිබිලට ප්‍රවාහනය කර ඇත්තේ වත්තල මුස්ලිම් පල්ලියේ ජනාසා අවමංගල්‍ය රථ සේවාව මගින් බව වාර්තා වේ.
සුදාවන්නිලා ඇත්තන්ගේ රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් ඔහු කලක සිට ප්‍රතිකාර ලැබුවෙි වැලිසර ළය රෝහලෙනි.
එම කාලය තුල ආදිවාසි නායකයාගේ සුවදුක් සහ ඕනෑ එපාකම් සොයා බලා තිබුණේ Movement for Land and Agricultural Reform සංවිධානයේ පිරිස විසින්.
රතුගල ආදිවාසි නායකයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේ ඉකුත් මැයි 07 දින පස්වරුවේය.
මියගිය ආදිවාසි නායකයාගේ මෘතදේහය වැලිසර සිට බිබිල දක්වා රැගෙන ඒමට හර්ස් රථයක් රුපියල් 80,000ක් මුදලක් ඉල්ලා තිබිණි.
එවැනි විශාල මුදලක් දැරීමට රතුගල ආදිවාසි නායක ඇත්තන්ගේ පවුලට ඉතා අපහසු වී තිබිණි.
ඒ මොහොතේ වැලිසර ළය රෝහලේ රෝහල් පොලිසියේ සිටි පොලිස් නිලධාරියෙක් මේ සඳහා මැදිහත්ව, මේ පිළිබඳ වත්තල ජුම්මා මුස්ලිම් පල්ලියේ මවුලවිතුමා ඇතුළු භාරකරුවන් අමතා සහය ඉල්ලා තිබේ.
එම කෙටි දුරකථන දැනුම්දීමට අනුව ඉතා කැමැත්තෙන්ම ප්‍රතිචාර දක්වා ඇති වත්තල මුස්ලිම් පල්ලියේ ක්‍රියාත්මක ජනාසා අවමංගල්‍ය රථය සේවකයන් පිරිසක් පසුදා උදෑසනම වැලිසර රෝහලට පැමිණ රතුගල ආදිවාසී නායක සුදාවන්නිලා ඇත්තන්ගේ මෘතදේහය බිබිල අවමංගල්‍ය ශාලාව දක්වා ප්‍රවාහනය කර දීමට කටයුතුකර තිබිණි.
ආදිවාසී නායකයාගේ මෘතදේහය වැලිසර සිට බිබිල දක්වා කි.මි 250කට ආසන්න දුරක් ඔවුන් ප්‍රවාහනය කර දී තිබුණේ නොමිලේ වීම කැපී පෙනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart