May 14, 2026

අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තහවුරු කර ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර කිරීම සහ අනුබල දීමේ චෝදනාව මත මොහු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබිණි.