May 13, 2026

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොළඹ නවලෝක රෝහලේදී එම හිමිනම පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබිණි.

සැකකාර පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් නවලෝක පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

15 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට වන චෝදනා යටතේ උන්වහන්සේ පසුගියදා නවලෝක රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.